Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් -19 ආසාදිතයින් සහ කොවිඩ් මරණවල ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වු තරම් සිදුනොවුව ද පවතින තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට යම් දායකත්වයක් ලැබී ඇති බවයි.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවය.

රට විවෘත කළ පසු උත්සව ආදිය නොපවත්වා මාර්ගෝපදේශවලට අනුගත වු විට පස්වන රැල්ලක් ඒම වලක්වාගත හැකි බව සදහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *