පුද්ගලයන් 15 දෙනෙකුට දිවි අහිමිකරමින් පසුගියදා සිදුවූ පස්සර බස්රථ අනතුර සිදුකල රියදුරුට වලංගු රියදුරු බලපත්රයක් තිබී නොමැති බවට මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ වෙනුවට ඔහු වෙනත් පුද්ගලයෙකුගේ රියදුරු බලපත්රයක් භාවිතා කර ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් රථවාහන පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙම රියදුරා මෙතෙක් කල් බස් රථය ධාවනය කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකුට අයත් රියදුරු බලපත්රයකින් බවද අනවරණය වී තිබේ.
එසේම ඔහු රිය ධාවනය සම්බන්ධයෙන් විවිධ වැරදි වලට පොලිසියට හසුව ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු මෙම රියදුරු බලපත්රය ඉදිරිපත් කර ඇති බවටයි මේ වන විට හෙළිවී ඇත්තේ.
ඒ අනුව ඔහුට අන්සතු රියදුරු බලපත්රයක් ළඟ තබා ගෙන රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිත අතර රියදුරු බලපත්රයක් නොමැති පුද්ගලයෙක් බස්රථයක් ධාවනය කිරීමට යොදා ගැනීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුටද නීතිමය පියවර ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Contact Information
Share: