Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පුද්ගලයන් 15 දෙනෙකුට මරු කැඳවමින් පස්සර ප්‍රදේශයේ සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බස් රියදුරා අත්අඩංගුවට ගනු ලැබුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඊට අමතරව බස් රථ අනතුරින් පසු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඊයේ සිදුවූ මෙම අනතුරට අදාළව විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මකයි.

පළාගොස් සිටි ටිපර් රථ රියදුරා 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ප්‍රදේශයේදීයි.

එම ටිපර් රථය එම ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් බවට ද හෙළිවී තිබෙනවා.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබුණා.

බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්.

බස් රථයේ රියදුරු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

අනතුර සිදුවී ඇත්තේ ද්විත්ව වංගුවක් ඇති ස්ථානයක වන අතර මෙම ස්ථානයේ ඇති සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට ද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.

මෙම බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *