අද (03) පැවති ආණ්ඩු පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාරගේ කැබිනට් ඇමති ධුරයත් ඉවත් කිරීමට කළ සැලසුම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම නිසා නැවතී ඇතැයි වාර්තා වේ.
ආණ්ඩු ප්‍රධානීන්ගේ සැලසුම වී තිබී ඇත්තේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සමග වාසුදේව නානායක්කාරත් ඇමති ධුරයෙන් පලවා හැරීමය.
එහෙත් සිය දිගුකාලීන දේශපාලන සගයා වූ වාසුදේව නානායක්කාර ඉවත් කිරීම වළක්වා ගැනීම සඳහා අගමැතිවරයා ප්‍රබල මැදිහත් වීමක් සිදු කර ඇත.
මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්තට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසයි.
රජයට හානිදායක වූ කරුණු ප්‍රකාශිත එවැනි රැස්වීමක පොදුජන පෙරමුණේ සාමාජිකයන් අසුන් ගෙන සිටීම සැළකිය යුතු තත්වයක් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක සභාව ඉදිරියේ රැස්වී විදුර වික්‍රමනායක සහ ප්‍රේමනාත් සී දොලවත්ත පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද වාර්තා වේ.