Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැයි 31 දක්වා සියලුම පළාත් අතර සංචරණ සීමා පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කෙසේ නමුත් අදාළ සංචරණ සිමා පැනවීම පිලිබඳ දිනයක් පිලිබඳ තවමත් ස්ථිර නිගමනයකට එළඹ තිබුනේ නැහැ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ සියලු පාර්ශව සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගත් බවයි.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
  • පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,
  • ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම යන තීරණ වලට එළඹ තිබුණා.

ඊට අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *