Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද පෙරවරුවේ ඇතුළු කරන ලද ප්‍රභූවරයෙකු විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබා දෙමින් සිටිතැයි වාර්තා වෙයි.

හෙලිකොප්ටරයකින් ගෙන එන ලද මෙම ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කර ඇත්තේ රෝගියකු ඇතුලත් කිරීමේදී සිදු කරන නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව ලේඛනයක හෝ සටහනක් නොතබා යයි ද පැවසෙයි.

රෝගියා වෙනුවෙන් ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් රෝහල්වලින් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ගෙන්වා ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

රෝහල පරිශ්‍රයේ ආරක්ෂක සෙබළුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක්ද සපයා ඇත.

මෙසේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු නාවුක හමුදාපතිවරයෙකු බවට ද තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *