ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබෙනවා.
විකට නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමුගන්නා විට 98 වන වියේ පසු වුනා.
80 දශකයේ ගුවන් විදුලියේ, රූපවාහිනියේ හා ප්‍රසංග වේදිකාවේ දී ඇසීමට හා දැකීමට බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු එකතුව එකල වේදිකාගත වූ විනෝද සමය විකට වැඩසටහන මතකයට ගෙන එන කථා පුවතක් වනවා.
මහනුවර ප්‍රදේශයේ උපන් බර්ටි ගුණතිලක මහතා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කර තිබුණා.
ඉන්පසු සිංහල බෞද්ධයා පත්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර ඇති අතර 1954 වසරේ ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වුණා.
පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ්‍රඩ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වී රංගන දායකත්වය ලබාදුන්නා.
බර්ටි ගුණතිලක මහතා රංගනයෙන් දායකත්වය දැක්වූ විනෝද සමය ප්‍රහසන නාට්‍යයේ කතාංගයක් පහතින්,
බර්ටි ගුණතිලක මහතා සිය අවසන් උපන් දිනය සැමරූ ආකාරය පහතින්,