ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහු දින 7ක් ස්වයං නිරෝධායනය ට යොමු වී තිබේ.
ඔහු නිරෝධායනය වන නමුත් තවමත් රට පාලනය කිරීමේ කටයුත්තේ නිරත වන බව එරට උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ප්‍රංශය තුළ හමුවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන් එරට සංචරණ සීමා ද දැඩිකර ඇත.
එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන දෙකක් පමණ හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 59,400කි.