බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වනු ඇති.
එමෙන්ම නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද ප්‍රකාශ කෙරුණා.