Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන තැපැල් කාර්‍යාල හතරක් වසා දමා තිබෙනවා.

තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටිනවා.

ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි රාජිත රණසිංහ මහතා පැවසුවේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *