Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ තරඟයක් ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර අද පැවැත් වුනා.ඒ දකුණු කොරියාවේ ගොයන්ග් හිදී.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට එක්වන්නේ වසර එක හමාරක කාලයකින් පසුවයි.

තරඟයේ මුල සිටම ඉතා ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් දියත් කල ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 39 වන ස්ථානයේ පසුවන දකුණු කොරියාවට දැඩි පීඩනයක් එල්ල කළා.

කෙසේ වෙතත් තරගයේ පලමු භාගය නිමා වන විට පාලනය අතට ගත් ප්‍රභල දකුණු කොරියානු කණ්ඩායම ගෝල 3 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටියා.

ලොව ප්‍රමුක පෙළේ ක්‍රීඩා සමාජ රැසක ක්‍රීඩා කරන පුළුල් අද්දැකීම් සහිත ක්‍රීඩකයින් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ඉහල මට්ටමක තිබුනා.

තරගයේ දෙවන භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පීඩනය දැඩි කලද දකුණු කොරියානු කණ්ඩායම සිය පළපුරුද්ද සහ අත්දැකීම් මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් තරගයේ දෙවන භාගය නිමාවන වන විට තවත් ගෝල 2ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමටද ගෝල රැස් කිරීමට තිබු අවස්ථා කිහිපයක්ම මේ තරගයේදී මගහැරී ගියා.

මෑත කාළීන ජාත්‍යන්තර තරගාවලියකදී ප්‍රදර්ශනය නොකළ මට්ටමේ ඉහල දක්ෂතා ප්‍රකට කල ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සෙනසුරාදා ලෙබනනයට එරෙහි තරගය නිමා කලේ ගෝල 3ට 2ක් ලෙස පරාජය වෙමින් වුවද එහිදී ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

Image source – getty image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *