Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ජනාදරයට පත් ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභවප්‍රාප්ත වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය. ඔහු උපන්නේ 1943 ජූලි 13 වැනිදා යි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්හිදී ඔහු අවසන් ගමන් ගිය බව, ගායක චිත්‍රාල් සෝමපාල සිය මුහුණු පොතේ පළ කර තිබුණා.

“කිරිල්ලී රන් කිරිල්ලී”, “නිල්වන් මුහුදු තීරේ”, “ලංකාවට බයිලා ගෙනා”, “යන්න රට වටේ එන්න ප්‍රියේ” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක්ම ගැයූ ඩෙස්මන්ඩ් ද සිල්වා මිය යන විට 78 වන වියේ පසුවුණා.

එමෙන්ම, රජිව් සෙබස්තියන් ඇතුළු පිරිසක් ඩෙස්මන්ඩ් ද සිල්වා ගැන සංවේදී සටහන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.