ඇමරිකාවේ ප්‍රවීණ රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදකයකු වන ලැරී කිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොරෝනා වයිරසයට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (23) උදෑසන ලොස් ඇන්ජලීස් හි දී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නමුත් මරණය සඳහා නිශ්චිත හේතුවක් මේ දක්වා සඳහන් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
මියයන විට වයස අවුරුදු 87ක් වූ ලැරී කිං වසර 63 ක් පුරා සහ ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යවල ලැරීගේ දහස් ගණනක් සම්මුඛ සාකච්ඡා, සම්මාන සහ ගෝලීය පැසසුමට ලක්ව ඇත්තේ විකාශකයෙකු ලෙස ඔහුගේ අද්විතීය හා කල් පවත්නා දක්ෂතාවයට සාක්ෂියක් ලෙසය.