Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කරන ලදි.

ඔහු අද අලුයම එහිදී ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල රඟපෑ චිත්‍රපට අතර සිංහල චිත්‍රපට 120ක් පමණ ද ද්‍රවිඩ චිත්‍රපට 06ක් පමණ ද එක් ඉංග්‍රීසි චිත්‍රපටයක් ද ඇතුළත් වේ.

රුහුණු කුමාරි චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇලෙක්ස් හැත්තෑව දශකයේ සිංහල සිනමාව වඩාත් වර්ණවත් කිරීම සඳහා දායක වුණු නළුවන් අතර කැපී පෙනෙයි.

විටෙක වීරයා මෙන්ම විටෙක දුෂ්ඨයා ද වූ ඇලෙක්ස් හාරලක්ෂේ , ඇගේ ආදර කථාව, ශ‍්‍රී මදාරා , සරදියෙල්ගේ පුතා, පස මිතුරෝ, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා වැනි චිත‍්‍රපට වල දක්ෂ චරිතංග නළුවකු ලෙස කැපී පෙනිණ.

කොටහේනේ උපන් ඇලෙක්සැන්ඩර් 1961 වසරේ දී පොදු රාජජ්‍ය මණ්ඩල මල්ලව පොර තරගාවලියේ රන් පදක්කම් ලාභියකු වූ අතර 1964 වසරේ ටෝකියෝ ඔලිම්පික් උලෙළ ද නියෝජනය කළේය. 1969 වසරේ සිට දිගු කලක්ම ඔහු අපරාජිත මල්ලව පොර ශූරයකු ලෙස නමක් දිනා සිටියේය.

අභාවප්‍රාප්ත වන විට එතුමා 80 හැවරදි වියේ පසුවිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *