Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇත්තටම න** මැක්ස් – සෙල්ලකාර මලියා වැනි නම් වෙනුවෙන් සමාජ මාධ්‍යයට ලිපියක් ලිවීමට සිදුවීම අභාග්‍යයකි. මේ Video පෙළ නැරඹූ බහුතරයකට අනුව රටේ මෙච්චර ප්‍රශ්න තිබෙන වෙලාවක මෙවැනි මන්ද බුද්ධික – කිරෙන් බාල වූ ගෝත කොල්ලන් ගැන අප කතා කළ යුතු නැත.


සැබවින්ම මේ ඇට්ටර වයසේ ඉන්න දඟකාර කොල්ලන්ව යම් අයෙක් තම ව්‍යාපාර අරමුණක් වෙනුවෙන් මෙහෙයවනවා නම්; ළමා මනස නුහුලන ප්‍රචණ්ඩත්වයක් වැඩුණු අශිෂ්ඨ මිනිසෙකු විසින් සිතා මතාම ඔවුන්ට අත්කර දී ඇත්නම්; කොටින්ම මේ සමාජය ඉදිරියේ විහිලුවක් වන්නේ,

ඔබේ දරුවානම්;

ඔබේ සහෝදරයානම්;

ඒ පිළිබඳ ලිවීම ඔබට ද සමාජයට ද සහනයක් වේ යැයි සිතමි.

මේ සිදුවන්නේ කුමක් විය හැකිද? න** මැක්ස් – සෙල්ලක්කාර මලියා – නිකවැරටියෙ ස** – මිරිස්වත්තෙ මැර ම**** මොවුන් කාගේ කවුරුන් ද? මවුපියන් නොමැති අනාතයින් ද? මවුපියන්ගේ දැනුවත් කමින් ආශිර්වාදය මැද මොවුන් මෙහෙම හැසිරෙනවාද? කාගේ කුමන campaign එකක නොදැනුවත් ඉත්තන්ද? ඇත්තටම රටම ආතල් එකට ගත්ත මේ අහිංසක කොල්ලන් අපයෝජනය වන බව සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී අප සමූහයක් විසින් ඉතාම සූක්ෂ්මව අනාවරණය කරගත්තා.


යම් හිස් හිසක් ඇති අශික්ෂිත නරුමයෙක් තම මීළඟ video වේ ප්‍රචාරණය සඳහා ද, තවත් බොහෝ පිරිසක් තමන්ගේ YouTube Video viral කර ගැනීම උදෙසා ද, භාවිත කරන ලද ජඩ උපක්‍රමයට බිලි වුණේ මේ නොදැනුවත් දරුවන්.
ඇත්තටම කෙනෙක් You Tube හරහා ඕන කුණු ගොඩක් විකුණගෙන කීයක් හරි හම්බකරගත්තාට අපගේ කිසිදු තරහක් හෝ කුහක කමක් නැත. ඇත්තටම අපේ බහුතර සමාජ මාධ්‍ය පරිශීලකයන් විචාරශීලී නොවෙයි. ඉරාජ් සමන්තබඩ්ඩගෙ You tube channel එකේ subscribers 100000ක් පිරුණු විට Cake එකක් කපන විඪියෝ එක trending වෙන්නෙ එහෙමයි.

ශාසනය විකුණගෙන කනවිට ද අපට සද්ද නැතිව සිටිය හැකි ය. කමක් නැත උන් මහ මිනිස්සු ය.

ඒත් රටේ අනාගතය විකුණගෙන කන්න දෙන්න පුළුවන් ද? මේ ගිනි ජාලාවෙන් සිගරට් පත්තු කරන්න තතනන මීගවයන් කිහිප දෙනෙකු මීට අදාල දරුවෙකු හමුවී ඡායාරූප ලබාගන්නා ආකාරය ද යම් යම් Videos හරහා අපි නිරීක්ෂණය කළෙමු. ළමා මනස විකෘති කර සමවයසේ සෙසු සමාජ මාධ්‍ය ග්‍රාහකයන්ට ද වැරදි ආදර්ශයක් දෙන මෙවැනි ගොං marketing අප ඔසවාගෙන යා යුතු ද? අනුමත කළ යුතු ද?


‌දැනටමත් අදාල වගකිවයුතු නීතිමය රාමුවේ තිබෙන ආයතන සියල්ල මේ පිලිබඳව දැනුවත් කොට ඇති අතර, වගකිව යුතු සියළු පාර්ශව කෙරෙහි නීතියේ අවදානය යොමුව තිබේ. මේ මොහොත වන විටත් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් , රටේ කීර්තිමත් නීතීඥයින් හා කලාකරුවන් ඇතුළු විශාල ප්‍රමාණයක් මීට විරුද්ධව එකතු වී සිටිනවා.

අප කෙසේ හෝ මෙවැනි අමන ප්‍රචාරණයන්ට එරෙහි විය යුතු ය. සමාජයක් විදියට ළමා අපයෝජනය පිටු දැකිය යුතු ය.
එන්න, මේ නොදැනුවත් තාරුණයේ අනාගතය සුරක්ෂිත කරන සටනට එකතු වෙන්න!

Leave a Reply

Your email address will not be published.