Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු පාකිස්තානයේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

බේරා ගැනීමේ කණ්ඩායම් විසින් තුවාල ලැබූවන් අසල පිහිටි රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වී තිබෙනවා.

ගොක්ටි දිස්ත්‍රික්කයේ නිලධාරියෙකු වන උස්මාන් අබ්දුල්ලා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙන්නේ තවමත් දුම්රියේ කොපමණ පිරිසක් සිරවී සිටිනවා ද යන්න දැන ගැනීම දුෂ්කර බවයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ මෙම අනතුරෙන් තමා කම්පනයට පත්ව ඇති බවත් සම්පූර්ණ පරීක්ෂණයක් කිරීම සඳහා තමා පොරොන්දු වන බවත්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *