පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල බේස්ලයින් මාර්ගයේ පොදු වෙළෙඳසල අසලින් පාකිස්තාන අග්රාමාත්යවරයා ගමන් ගනිද්දී සැකකරු විසින් ෆේස්බුක් ඔස්සේ එම අවස්ථාව සජීවීව ප්රදර්ශනය කර ඇති බව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් එම පුද්ගලයා විසින් වීඩියෝ ගත කරන අයුරු දැක තිබූ අතර පසුව අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියට භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්මික නිලධාරියකු ලෙස රැකියාව කරන අයෙක් බවත් ඔහුව ඇප මත මුදාහැරී බවත් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.