හෙරොයින් ග්‍රෑම් 643.3 සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කළ පාකිස්තාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මොහොමඩ් අල් හුසේන් නමැති විත්තිකරුට එරෙහිව එසේ දඬුවම් නියම කළේය.
2018 ඔක්තෝබර් 27 වනදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් හෙරෝයින් ග්‍රෑම් 643.3 ක් සමග කොළඹ දී අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමකරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.