Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාකිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි මරී නගරයට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වක් හේතුවෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලියන් ඇතුලු පුද්ගලයින් 21 දෙනෙකු අධික සීතට හසුවී මරණයට පත්ව තිබේ.

පසුගිය දින කිහිපය පුරා මරී නගරයට ඇදහැලුනු හිම දැක බලගනාගැනීමට සිත අන්තතයේ විශාල පිරිසක් පැමිණීමත් සමඟ දැඩි මර්ග තදබදයක් ඇතිව තිබෙන අවස්ථාවක මෙම හිම කුණාටු තත්ත්වය හටගෙන ඇත.

ඒ අනුව මාර්ගයේ මොර්රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් සිරව ඇති අතර අඩි තුනක් පමණ උසක් දක්වා පතිත වූ හිම වලට මැදිවූ මගීන් අධික සීතලට හසුව තිබේ. මෙලෙස අධික සීතලට හසුවූවන් සිය මොර් රථ තුලම මරණයට පත්ව ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අධික සීතලේ මොර්රථ වල සිරව සිටින ජනයා මුදා ගැනීමට පාකිස්ථාන හමුදා භට කණ්ඩායම්ද එම ප්‍රදේශයට මේවන විටත් ගොස් ඇති අතර දැඩි අවදානම්කාරී තත්ත්වයක සිටි විශාල පිරිසක් මුදා ගැනීමටද භට පිරිස් සමත්ව ඇති බව පාකිස්ථාන බලධාරීණ් සඳහන් කරයි.

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමටද ඉඩ ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.