පාදුක්ක ගලගෙදර, නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්රදේශයේ කොරෝනා රෝගීන් ගණන 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය 24 වනදා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී එම මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවකදී එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක් බව හඳුනාගැනුණා.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ආශ්රිතයින් 40 දෙනෙක් PCR පරීක්ෂාවට යොමු කරනු ලැබුවා.
පසුව ඉන් 10 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම අද (30) උදෑසන ද තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් හඳුනා ගැනුණා