Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිරියේදී පාන් ගෙඩියක් රුපියල් 100 – 150 පමණ මිලක් ගනු ඇතැයි ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද (06) පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසුවේ පවතින තිරුඟුපිටි හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවය.

ඔහු මෙසේ ද කීවේය.

සියලුම බේකරිවල වැඩ කරන්නෙ සතියකට දවස් පහයි. ඒ තමයි උපරිම. දවස් පහකට වඩා වැඩ කරන්න හැකියාවක් නෑ. මේ යන විදිහට යනකොට මම හිතන්නෙ ඉදිරියේ දි පාන් ගෙඩියක් නම් රුපියල් 100 පනිනවා අනිවාර්යයෙන්ම. 100 නෙමෙයි. 150ට යන්නෙ නැතිව නැවතුනොත් ඇති. මේ තියන බඩු ප්‍රශ්න එක්ක අනිවාර්යයෙන් පාන් ගෙඩිය 100 වැඩියෙන් විකුණන්න වෙනවා. 100ට අඩුවෙන් විකුණනවා නම් ඒ නියමිත බර තියන පාන් ගෙඩියක් නෙමෙයි. තව සතියක් මේ විදිහට තිබුණොත් ලංකාවේ තිබෙන සියලුම බේකරි වසා දමන්නට සිදුවන බවත් සභාපතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published.