Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

සිය මණ්ඩලය මඟින් ජලය බෙදාහැරීම සිදුකරන්නේ සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසුව බව ඔවුන් පෙන්වා දෙයි.

විදුලි කප්පාදුව හා ක්ලෝරීන් හිඟය හේතුවෙන් ජල පිරිපහදුව නිසි පරිදි සිදුනොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර පළ වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේ, සිය පවිත්‍රාගාර තුළ නිසි ප්‍රමිතියට අනුකූලව පවිත්‍රකරණය කරන ජලය, තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව ආරක්ෂිත බව තහවුරු කර ජනතාව වෙත බෙදාහැරීම සිදුකරන බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවය.

1 Comment

  • Thisara, 2022-04-10 @ 9:22 PM Reply

    100% ක් තත්ත්ව පරීක්ෂා කරල එවන වතුර කොහොමද මඩ වතුර වෙන්නෙ. සම්පූර්ණ දවසක්ම අපි ටැප් ලයින් එකෙන් එන වතුර බාත් රූම් එකටවත් පාවිච්චි කලේ නෑ. ෆොටෝ එකක් වීඩියෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න විදියක් තිබ්බ නම් පෙන්නනව.

Leave a Reply

Your email address will not be published.