Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ජාතික කොඩිය ආකාරයට නිෂ්පාදනය කළ පා පිස්නාවක් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන amazon වෙබ් අඩෙවිය හරහා අලෙවි කිරීමට තබා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කොඩියේ කිසිඳු සංස්කරණයක් නොකර එය ඒ ආකාරයෙන්ම අලෙවිය සඳහා තබා ඇත්තේ ඇමරිකානු ඩොලර් 12ක මිලකටයි.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙදෙහස් පන්සීයකට ආසන්න මුදලක් වනවා.

කෙසේ වෙතත් මෙම දැන්වීම සම්බන්ධයෙන් මේ වන විට මෙරට බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

Shenghong Lin නමැති චීන නිෂ්පාදකයකු විසින් ශ්‍රී ලංකා ජාතික කොඩිය ආකාරයට නිෂ්පාදනය කළ පා පිස්නාවක් විකිණීම සඳහා මෙලෙස amazon වෙබ් අඩෙවිය හරහා අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදහස් දක්වා ඇත.

ඔහු ප්‍රකාශ කළේ, මෙය විදේශ රටක ක්‍රියාත්මක වන වෙළෙඳ ජාලයක අලෙවියට තබා ඇති හෙයින් විදේශ කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය තාන්ත්‍රික ආයතන සහ ජාත්‍යන්තර වෙළෙඳ සංගම් හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

මූලික වශයෙන් මේ සම්බන්ධයෙන් රජයේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.

“රටවල් ගොඩක ජාතික කොඩි පාවිච්චි කරල පාපිසි හදලා තියෙනවා. ඒ රටවල්වලට ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒත් අපිට ඒක ප්‍රශ්නයක්. ඒ නිසා අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා මේ ගැන. මේක වෙනත් රටක සමාගමක් නිසා අපට ඍජුව ක්‍රියාමාර්ග ගන්න අමාරුයි,” රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්