Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින (17) පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කරන ලදී.

අද දින 275 දෙනෙකු පරික්ෂා කළ අතර, පාර්ලිමේන්තුවේ විවිධ කාර්යාංශවලට අයත් 12 කොවිඩ් 19 වෛරසය ආසාදිත බැව් අනාවරණය වූ බැවින්, ආරක්ෂක කැමරා පද්ධතිය මගින් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙන්ම, අදාළ අංශ විෂභීජානුහරණය කිරීම සඳහා ද දැනටමත් කටයුතු කර ඇත.

ඒ අනුව 2021 අගෝස්තු මස 18 වැනි දින සිට නැවත දැනුම් දෙන තෙක් අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වා ගැනීමට තීරණය කර ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙවැනි පරීක්ෂණ සිදු කර ආසාදිතයන් හා ආශ්‍රිතයන් හඳුනාගත් අතර ඔවුන් සම්බන්ධව ද අදාළ පියවර අනුගමනය කළ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *