Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධික වර්ෂාව සමඟ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් වැසි තත්වය ඉදිරි දිනවලද දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීම පෙරේදා (15) සිට ආරම්භ කළේය.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළින් පිහිටි කමිටු කාමරවල පුටු මේස සියල්ලද ආරක්ෂක පියවරක් ලෙස එහි පළමු මහලට රැගෙන යනු ලැබීය. පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණියහොත් මුලින්ම යට වන්නේ පහළින් පිහිටි කමිටු කාමර හෙයින් එහි ප්‍රධානීහු මෙලෙස පියවර ගත්හ.

මේ අතර දියවන්නාවේ ජල මට්ටම පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් සහ පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් නිරන්තර සෝදිසියෙන් පසුවෙති.

දියවන්නාවේ සෝදිසි කටයුතු සඳහා අමතර යාත්‍රා කිහිපයක්ද යොදවනු ලැබ ඇත.

ඉහළ ප්‍රදේශවලට පතිතවන වැසි හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ යන බව වාරිමාර්ග ඉංජිනේරුවරු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *