Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාට එලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ඊයේ දිනයේ ද පාර්ලිමේන්තු රැස්වීම සදහා සහභාගී වී තිබුණි.

ඒ අනුව ගතවූ දින 4 තුළ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර මහතාට වෛරසය ආසාදනය වී ඇති බවට මීට දින දෙකකට පෙර වාර්තා වූ අතර පොලිස් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (22) ඔහුව කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවීය.

ඇමතිවරයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වූ අවස්ථාවේදීම මෙම තීන්දුව ගැනීමට සෞඛ්‍ය අංශ අදහස් කර තිබිණි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබුණේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවය.

ශානක්‍යයන් රාසමානික්කම් මහතාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published.