Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල තුන් වන වාරය සඳහා පාසල් අද උදෑසන ආරම්භ කෙරුණා.

ප්‍රදේශ රැසක වාර්තාකරුවන් සඳහන් කළේ පාසල් වෙත ළමයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර, නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මාර්ගගත ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන අතර ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

2019 – 2020 නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 41,500ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *