Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලම කණ්ඩායමක් සතු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිවුදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.

එම විදුහලේ ක‍්‍රිකට් කණ්ඩායම මාසයකට අධික කාලයක් ජෛව බුබුලක් ලෙස හෝටලයක නවාතැන් ගෙන සිටි බවත් එසේ සිටියදීත් ක‍්‍රීඩකයන් සිවුදෙනකුට වයිරසය වැළදී ඇති බවත් එම විදුහලේ නිලධාරීයකු පැවසීය.

ක‍්‍රීඩකයන් කණ්ඩායම් ජෛව බුබුලට ඇතුළත්වීමෙන් පසුව කළ පළමු පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් සියලූම ක‍්‍රීඩකයන් වෛරසය ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සිවුදෙනකු ආසාදිතයන් ලෙස තහවුරු වූ බවත් එම නිලධාරියා පැවසීය.

එම ආසාදිත ක‍්‍රීඩකයන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ‘කොවිඞ් 19’ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් සෙසු ක‍්‍රීඩකයන් ඉදිරියේදී තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයකට ඉදිරිපත්වීමට නියමිත බවත් එම නිලධාරියා කීය.

මේ අතර මෙම තත්වය හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර  142 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. 

මෙම තරගය ලබන මැයි 06 වැනිදා සිට 08 වැනිදා දක්වා හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *