කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබෙනවා.
කොළඹ මහානාම,ඉසිපතන, ලුම්බිණි, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය සාන්ත පීතර, බොරැල්ල සී.ඩබ්ලිව්, ඩබ්ලිව්. කන්නන්ගර, රත්නාවලී බාලිකා, කොටහේන සිංහල විදුහල හා දෙමළ විදුහල, මෝදර ද ලාසාල්, මරදාන අල්හිදායා, මාලිගාවත්ත බාරොන් ජයතිලක, කිරුළපන මහාමාත්‍ය , නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක, මධ්‍යම පළාතේ දඹුල්ල වීර විජය විමලරත්න හා මහනුවර හේවාහැට මහා විදුහල එලෙස යොදාගෙන ඇති පාසල් වන බවයි වාර්තා වන්නේ.
මෙම පාසල් යොදා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා නොව නිවාඩු අවලංගු කිරීම නිසා නිවෙස්වල සිට පැමිණෙන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට දින 14ක ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද සඳහන් කළා.
මීට අමතරව නොරෝධයන මධ්‍යස්ථාන සඳහා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය හා මහජන පුස්තකාලය ද ලබා ගෙන තිබෙනවා.
මධ්‍යම පළාතේ පාසල් දෙකට අමතරව කොත්මලේ හා මහනුවර තවත් පාසල් දෙකක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක සඳහන් කළා.