පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කර 300කට අධික පිරිසක් ඝාතනය කර 500කට පමණ දෙනාට තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25කට එරෙහිව පනවා ඇති නඩුවේ විත්තිකරුවන් 24කට මහාධිකරණය අද අධිචෝදනා බාර දුන්නේය.
එහි 15 වැනි විත්තිකරු රෝහල්ගත වීම හේතුවෙන් ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.
සෙසු විත්තිකරුවන් 24 දෙනා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි.මෙම නඩුව නොවැම්බර් 23 වැනි දින යළි කැඳවන්නැයි ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවෙයි