පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිජාස් හිස්බුල්ලාට අනුබලදීම සම්බන්ධයෙන් මද්රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම විදුහල්පතිවරයා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුවයි.
මේ අතර පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටින හිජාස් හිස්බුල්ලා අදාළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පති සී ඩී වික්රමරත්න වෙත ඊයේ උපදෙස් ලබාදී තිබුණා.