මුළු මහත් ලෝකවාසීන්ගේ සිත් කම්පා කරමින් නෙත් කඳුළින් පිරවූ පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය සිදුවී අදට (21) වසරක් සපිරේ.
සුවහසක් කිතුනු බැතිමතුන් ජේසුස් වහන්සේ මරණයෙන් උත්තාන වීම සමරන පාස්කු දිනයේ දී සිත්පිත් නොමැති අන්තවාදී බෝම්බ කරුවන් පිරිසක් මේ අමානුෂික ප්‍රහාරය එල්ල කළේ කතෝලික දේවස්ථාන 03 ක් සහ ප්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කරමිනි.
එම ප්‍රහාරවලින් දිවි අහිමි වූවන් සංඛ්‍යාව 260ක් වන අතර කුඩා දරුවන්, කාන්තාවන්, විදේශිකයන් ඇතුළු පුද්ගයන් 503 දෙනෙකු අදටත් ඉන් ලද බරපතළ තුවාල හා ප්‍රියයන්ගේ වෙන්වීම හේතුවෙන් වේදනාවට පත් ව සිටිති.
වැඩිම සංඛ්‍යාවකට එකම ස්ථානයකදී ජීවිත අහිමිවූයේ හා තුවාල ලැබුවේ මෙදින කටුවාපිටියේ සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වු බෝම්බ ප්රහාරයෙනි. ඒ අනුව 93 දෙනකු එහිදී මියගොස් ඇති අතර 213ක් තුවාල ලබා තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින පෙරවරු 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසත්, පුද්ගල ඒකරාශිවීමකින් තොරව ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වුවන් නිවස තුළදී සිහිපත් කරන ලෙසත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිති.
ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වත්මන් රජය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන්ද උන්වහන්සේ සිය ස්තූතිය පළ කරන උන්වහන්සේ පාස්කු ප්‍රහාරයට වසරක් පිරිම නිමිත්තෙන් පැවැත්වීමට සැලසුම් කර තිබු සියලු වැඩසටහන් රටේ පවතින තත්ත්වය මත යම් වෙනසක් සිදු කළ බව ද පවසති.
ඒ අනුව සුළු හෝ වශයෙන් ජනතාවගේ ඒකරාශි වීමක් නොමැතිව මෙම සිහිකිරීමේ දිනය පවත්වන ලෙසත් පෙ.ව 8.40ට සියලුම කිතුනු දේවස්ථානවල සීනු නාද කරන මෙන්ද (හැකි නම් බෞද්ධ විහාරස්ථානවල ද මෙයට එක්වී ඝණ්ඨාර නාද කරන ලෙසද) පෙ.ව 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා ගන්නා ලෙසත් පෙ.ව 8.47ට පහනක් දල්වා ආගමික වතාවත් සිදු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටීති.
කොරෝනා වෛරස රෝගය නිසා රටතුළ පවතින වාතාවරණය අනුව විශේෂ දේව පූජාව රූපවාහිනී නාලිකා සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන බැවින් නිවෙස්තුළ හිඳ මෙම පූජාවට එක්වන ලෙසද කාදිනල් හිමිපාණෝ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මිලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අපේම සහෘද ජනතාවට කිතුනු විශ්වාසය තුළ දෙව් මව් තුරුලේ සාමාදානයේ සැතපේවායි යන්නත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමින් මෙවන් විපතක් කිසිදා මේ ලෝ තලයේ සිදු නොවේවායි “Ceylon News Factory “ අපි ප්‍රාර්ථනා කරමු.
