පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු මිය ගොස් තිබෙනවා.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී.
අවුරුදු 42ක් වන සාලි මොහොමඩ් කලිම් නම් මොහු කල්මුනේ ප්රදේශයේ ජිවත් වූ අයෙක්.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් 23 අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කල මොහු, පසුව දෙසැම්බර් 05 වනදා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
එහි දී ප්රතිකාර ලබමින් සිටි ඔහු, ඊයේ (04) දිනයේ මරණයට පත්ව තිබෙනවා.