පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් තමන්ට සිදු වූ ශාරීරික හා මානසික හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් හා තුවාල ලැබූවන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මේ වන විට නඩු 27ක් තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.