Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

මෙලෙස පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් කළ අදාළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව සඳහන් කරමින් සර්ව ආගමික නායකයින්ගේ අත්සන් සහිතව නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්වී ඇති බව ඉන් පෙන්වා දෙයි.

ඔවුන් සිංහල බෞද්ධයන්වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවක් අදාළ ප්‍රකාශයන් තුළින් හැගී ගිය බවද එම නිවේදනයෙන් දැක්වේ.

එම නිවේදනය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *