සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවැරදි මාත්‍රාවට තම පැණිය පානය කළේ නම් ඇයට කොරෝනා වෛරසය ආසාදනය නොවන බව එම පැණිය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා පවසයි.
තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික බණ්ඩාර නැමැත්තා පැවසුවේ, නිවැරදි මාත්‍රාව අනුව මෙම පැණිය භාවිත කළේ නම් කොරෝනා වෛරසය ආසාදනය නොවන බවට තමන් සහතික වන බවය.
කොරෝනා වෛසරය මර්දනයට තමන් නිෂ්පාදනය කළ පැණිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දුන් බවත්, එම අවස්ථාවේදී අමාත්‍යවරිය මාත්‍රාවට අනුව හැන්දකින් පැණිය පානය කළ බවත් පසුව මාත්‍රාවට අනුව පානය කළේ ද යන්න පිළිබඳ තමන් නොදන්නා බව ධම්මික බණ්ඩාර නැමැත්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.