පෙරේදා දිනයේ පළාගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනක් පළාගියා.
ඉන් එක් අයෙක් සොයාගනු ලැබුවද රෝගීන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
එම ආසාදිතයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 0718591233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
මෙලෙස පළාගොස් ඇත්තේ නාරම්මල කරගහගෙදර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමලරත්න නම් අයෙක්, මාරවිල පරුෂපාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි, බොරලැස්ස ජයමාවත පාර පදිංචි 36 හැවිරිදි පී.කේ සුමිත් පුෂ්පකුමාර සහ වයික්කාල අංගම්පිටියේ පදිංචි 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා නම් සැකකරුවන්.
