Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් තිබෙනවා.

ඔවුන් එලෙස පැනගොස් වරාය පරිශ්‍රයේ සැඟවී සිටිය දී සොයා ගත් බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයන් නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර ඔවුන් දෙදෙනාද වන බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යන තෙක් නිවෙස් වල ආරක්ෂිතව රඳවා සිටියදී ඔවුන් මෙලෙස පැනගොස් තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *