Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ටෝකියෝ නුවර පැවති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ලැබූ ජයග්‍රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් කිරීමක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කර තිබේ. 

රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවරගන්නා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *