Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ, නව මැනිං වෙළෙඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 45ක් මගින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

කෙසේවෙතත්, වෙළෙඳ සංකීර්ණයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව මැනිං වෙළඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *