Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (19) දිනයේ දී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *