Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි.

දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහරදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමින්.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශ වාසීන් සඳහන් කරේ එම පියාගේ මුහුණට මිරිස් කුඩු ගසා අදාළ දියණිය සහ මිනිපිරිය ඔහුට ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදුන් බවයි.

මේ වනවිට පහරකෑමට ලක්වූ පියා, රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත් දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන් බව පොලීසිය ප්‍රකාශ කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *