Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3ක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සීල් තබා තිබෙනවා.

අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කරන තෙක් පමණයි.

එලෙස ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින්ද තහවුරු කර තිබේ.

නමුත් එලෙස තහවුරු කර තිබියදීත් එම පොල්තෙල් අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට පසුගියදා සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා චෝදනා කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *