Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අද උදෑසන පැනවූ හුදෙකලා බව ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාමසේවා වසම් කිහිපයක ගමන් තහනම ඉවත්කර ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පිටවර ගන්න බවයි අද හමුදාපතිවරයා සඳහන් කළේ.

අංක 584 ගොරකපිටිය, අංක 584/A නාම්පමුනුව යන ග්‍රාම සේවා වසම් දැනටමත් හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව 566 දාම්පේ, 565 බටකැත්තර උතුර, 582 A පැලැන්වත්ත නැගෙනහිර, 572A කැස්බෑව දකුණ, 569 මාකන්දන නැගෙනහිර, 586 A මාවිත්තර උතුර, 567 මඩපාත යන ග්‍රාමසේවා වසම් හෙට අලුයම 5 සිට ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට නියමිතයි.

එමෙන්ම මහරගම පොලිස් බල ප්‍රදේශයේ 581 D ඇරැව්වල උතුර ග්‍රාමසේවා වසම හෙට අලුයම 5 සිට හුදෙකලා කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *