ට්රැක්ටර් රථයක් මාර්ගයක් හරහා හැරවීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුවී තිබුණි.
අදාළ අනතුරෙන් ට්රැක්ටර් රථයේ රියදුරු බරපතළ තුවා ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එම අනතුර හයිලෙවල් මාර්ගයේ 27 කණුව ප්රදේශයේ දී සිදුව ඇත.
ට්රැක්ටර් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරු ද එම ට්රැක්ටර් රථයට යටවී තිබුණු අතර පසුව අනතුර සම්බන්ධයෙන් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
එම අනතුරත් සමග ට්රැක්ටර් රථයේ රියදුරු ද ඇදවැටී ට්රැක්ටර් රථයට යටවී තිබුණි.
එම අනතුර සිදුවූ ආකාරය අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.