Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර පොලිස් කොට්ඨාසය පූජාපිටිය පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

මෝදර පොලිසියේ සේවය කොට ඇති එම උපපොලිස් පරීක්ෂකවරයා සේවා ස්ථාන මාරුවක් ලබා මීට දින කීපයකට උඩදී පූජාපිටිය පොලිසියට අනුයුක්තව සේවය කොට පසුගිය 04 වැනි දින සිට ඔහු සිය නිවසේ නිරෝධායන වෙමින් සිට ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා සඳහන් කළා.

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ඊයේ (08) රාත්‍රී 10.00 පමණ යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මහනුවර සංගමය පවසනවා.

උපපොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ හා පුතා කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුව පල්ලේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේම නිරෝධනයට ලක් කොට සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *