Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ සංවිධානය කළ විරෝධතාවයේ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, පොදු දේපල දේපල පනත , රජයේ නිලධාරීන්ට බරපතළ තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයෙ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා ලෙස කටයුතු කළ කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා සහ නිදහස් අධ්‍යාපනය උදෙසා ජන ව්‍යාපාරයේ සාමාජිකාවක වන කෝෂිලා හංසිමාලි පෙරේරාය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැසුවේය.

මේ තර විරෝධතාව අතරතුර තුවාල ලැබූ මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ශල්‍යකර්මයකට ලක්කොට ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *