Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ මුල්‍යධන අංශයේ ( සනාතන මන්දිරයේ ) නිලධාරිනියෙකුට කොරෝනා වෛරසයි ආසාධනය වි ඇති බව තහවුරු වු බවත් එම නිසා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන කාර්‍යාලය හෙට සිට තාවකාලිකව වසා දමන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

මේ වන විට ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ සියලුම අංශ විශබීජ හරණයට ලක් කර ඇති බවත් කාර්‍ය මණ්ඩල නිලධාරින් සෞඛ්‍ය අංශ වල උපදෙස් ඇතිව ස්වයං නිරෝධායනයට නිවෙස් තුල රදවා ඇති බවත් උපකුලපතිවරයා පැවැසිය.

හෙට දිණයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ කෝවිඩ් ආසාදිතයා සමග සෟජු සම්බන්ධතා පැවැත්වු 9 දෙනෙකු හා එහි සේවය කල 40 දෙනෙකු පමන PCR පරික්ෂනයකට ලක් කිරිමට නියමිත බවත් එම ප්‍රථිඵල ලැබෙන තුරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ සියලුම අංශ වසා දමන බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පැවසිය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *