Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් සෙවීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම යෙදවුම බාගත කරගෙන පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑ ම අයෙකුට දැනුම් දිය හැකි වනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ ඉදිරියේ දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ පනත සංශෝධනය කිරීමටද කටයුතු කරන බවයි.

මෙරට දුම්වැටි භාවිතය අවම කිරීමේ අරමුණින් දුම්වැටි මිල වාර්ෂිකව ඉහළ නැංවීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් හඳුන්වා දී ඇති දුම්වැටි බදු සූත්‍රය ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.