Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල, රත්ගම කලපුවේ පිහිටි පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත ජාතික හිමිනමක ඊයේ (9) දහවල් එම කලපුවට වැටී අපවත්වී ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි ජිනවංශ නමැති මෙම හිමි නම ඊයේ දහවල් ආරණ්‍යයේ සිට ඔරුවෙන් ගොඩබිමට පැමිණ ඇති බවත් පැය කිහිපයකට පසු උන්වහන්සේගේ සිරුර කලපුවේ පාවෙමින් තිබෙනු ප්‍රදේශ වාසීන් දැක ඇති බවත් ඒ අනුව, ඊයේ සවස සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කළ බවත් පොලිසිය සඳහන් කළේය. 

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (9) කරාපිටිය රෝහලේදී පැවත්විමට නියමිතය.

ගාල්ල, දොඩන්දූව, රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයාගත් පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්ත ජාතික හිමියන්ගේ මෘත දේහය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර තිබේ.

ඒ අනුව, එම ස්ථානයට ගිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කරාපිටිය රෝහලට ගෙන යාමට ඊයේ (9) නියෝග කළේය.

මළ සිරුර සොයා ගන්නා විට එහි දෙපා ගැට ගසා ගලක් ද එල්ලා තිබී ඇති බව නිරීක්ෂණයට ලක් වුණු බව පොලිසිය සඳහන් කළේය.

මෙසේ අපවත්වී ඇත්තේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි 56 හැවිරිදි නෙදර්ලන්ත ජාතික හිමි නමකි.

උන්වහන්සේගේ සිරුර රත්ගම කලපුවේ තිබියදි ඊයේ (8) සවස සොයාගෙන තිබිණි.

පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ උන්වහන්සේ මීට දින තුනකට පමණ පෙර සිටි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට නොමැති බවය.

එමෙන් ම, මීට පෙර ද උන්වහන්සේ ආරණ්‍යයෙන් පිටව ගොස් දින දෙක තුනකට පසුව පැමිණෙන බවත් ආරණ්‍යයේ සිට උන්වහන්සේ තනියම ඔරුව පැදගෙන යන බවත් අනාවරණයවී තිබේ.

කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, මෘත දේහය පළමුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවය.

ඒ අනුව, අද (9) මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

සිද්ද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්